Monday, November 13, 2017




Smart School


බස්නාහිර පළාතේ SMART SCHOOL සංකල්පය යටතේ තෝරාගත්  පාසල් 100 ට අප විද්‍යාලය වන බප/මීග පමුණුගම මහ  විද්‍යාලය තේරී පත්වී ඇත. 
සෑම පාසල් දරුවෙකුට ම පළමු වසරේ සිට දහතුන වසර දක්වා අඛණ්ඩ අධ්‍යාපනයක් ලබා දීම අරමුණු කර ගනිමින් අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතාගේ මෙහෙයවීම මත අධ්‍යාපන අමාත්‍යංශය මගින් හඳුන්වා දෙන ‘13 වසරක සහතික කල අධ්‍යාපනය’ ව්‍යාපෘතියේ නියමු වැඩසටහන ලබන මාසයේ (ඔක්තෝබර්) සිට ක්‍රියාවට නැංවේ.
සාමාන්‍යයෙන් වසරකට පාසල් අයදුම්කරුවන් 250,000- 300,000 අතර ප්‍රමාණයක් අ.පො.ස(සා.පෙළ) විභාගය සදහා පෙනී සිටින අතර ඉන් ළමුන් 120000 කට පමණ ප්‍රමාණයකට උසස් පෙළ හැදෑරීමේ වරම් අහිමි වේ. 13 වසරක අඛණ්ඩ අධ්‍යාපන ව්‍යාපෘතිය හරහා සාමාන්‍ය පෙළ අසමත් වුවද අනාගතය ජයගත හැකි පරිදි වෘත්තීය අධ්‍යාපනයක් ලබාදියහැකි පරිදි නව වෘත්තීය විෂයයන් 26 ක් හදුන්වාදෙනු ලබන අතර, එම විෂයන් හදාරන සිසුන්හට අධ්‍යයන කටයුතු නිමකළ පසු NVQ Level 4 මට්ටමේ සහතිකයක් අදාල සිසු සිසුවියන් වෙත ප්‍රදානය කරනු ඇත.
2019 වසරේ සිට සමස්ත පාසල් පද්ධතියම ආවරණය වන පරිදි ක්‍රියාත්මක කිරීමට නියමිත ‘13 වසරක සහතික කල අධ්‍යාපන’ වැඩසටහන සදහා රුපියල් බිලියන 5 ක මුදලක් මේ වනවිට වෙන්කර තිබේ. මෙම වැඩසටහනේ නියමු ව්‍යාපෘතිය ලබන මාසයේ (ඔක්තෝබර්) සිට ක්‍රියාත්මක කිරීමට අධ්‍යාපන අමාත්‍යංශය සැලසුම් කර ඇත. ඒ අනුව සියලුම දිස්ත්‍රික්ක ආවරණය වන පරිදි තෝරාගත් ජාතික පාසල් 42 ක සිසුන් 4,419 හට මෙමගින් අධ්‍යාපන අවස්ථා හිමි වෙනු ඇත. මෙම ව්‍යාපෘතිය සදහා පංතිකාමර 134 ක් , සුහුරු පංති කාමර (Smart Class Room) 27ක් , බහුකාර්ය පංති කාමර 27ක්, සෞන්දර්ය ඒකක 33 ක් , වෘත්තීමය විෂයන් පිළිබඳ පොත පතින් සමන්විත පුස්තකාල 25ක් සහ බහුකාර්ය තිර (Multi Media Screen) 92 කින්ද සමන්විත වේ.
එසේම මෙම ව්‍යාපෘතිය හරහා නව තාක්ෂණික විෂයයන් 26 පාසල් පද්ධතියට හඳුන්වා දෙනු ලබන අතර එම විෂයන් මගින් න්‍යායාත්මක සහ ප්‍රායෝගික යන දෙ ආකාර වූ දැනුම සිසු සිසුවියන් වෙත ලබා දෙනු ඇත. එම විෂයන් මනෝවිද්‍යාව, ශාරීර සුවතා අධ්‍යාපනය, ප්‍රාසාංගික කලා, ගෘහ අලංකරණය, උද්‍යාන අලංකරණය, අහාර සැකසුම් විද්‍යාව, කෘෂිකර්මය, ජලජ සම්පත් අධ්‍යයනය, වතු පාලනය, ඇගලුම් හා නිමි ඇදුම් නිෂ්පාදනය, වෑද්දුම් ශිල්පය, මෘදුකංග සැකසීම, පරිසර විද්‍යාව, වෙබ් අඩවි සැකසුම, සංචාරක කර්මාන්තය යන ක්ෂේත්‍ර ආවරණය කරමින් සකස් කර ඇත. 
මෙම ව්‍යාපෘති මගින් 13 වසරක සහතික කල අධ්‍යාපනයක් සිසුදරු දැරියන්ට ලබා දීම මුලික අපේක්ෂාව වන අතර එසේම අපොස සා.පෙ. විභාගයෙන් අසමත් වන සිසුදරු දැරියන් සඳහා වෘත්තීය අධ්‍යාපනය ලබා දීමත් එමගින් සහතික ලත් වෘත්තිකයින් මෙරට ආර්ථිකයට දායාද කිරීමත්, විරැකියාව තුරන් කිරීමත් මෙහි ප්‍රමුඛ අරමුණු අතර වේ.

No comments:

Post a Comment

Future Education FUTURE TRENDS IN EDUCATION Open Educational Resources (OER) The ever-increasing prices of textbooks ...